දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

දෙපාර්තමේන්තුව සතු යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් ඊට හේතුවයි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඔවුන්ගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා ආනයනය කළ යකඩ තොගයක් සොරකම් කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content