තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් අවශ්‍ය පියවර ගත යුතු බවයි.

දෛනිකව දුම්රියේ ඇති වන දෝෂයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති බැවින් ඒ සදහා පුහුණුව ලැබූ පිරිස් වහාම බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content