දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන දුම්රියවල ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ,

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විරෝධයක් පල කිරීමට සේවකයින් සේවා කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවයි.

WhatsApp Group

Skip to content