දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සදහා ආයෝජකයින්ගෙන් අයදුම්පත් කැදවා තිබෙනවා.

ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සදහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බව සදහන්.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 24 වන දා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි.

මේ යටතේ මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට නියමිතයි.

ඊට අමතරව උඩරට දුම්රිය මාර්ගය ආශ්‍රිතව පවතින ඉඩම් ද බදු දීම සදහා අයදුම්පත් කැදවා තිබෙනවා.

මේ අතර ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා චෝදනා කරන්නේ රාජ්‍ය සම්පත් සියල්ල පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බවයි.

මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව ඔහු පැවසුවා.

https://www.vnews.lk/storage/2023/06/RANJAN-JAYALAAL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content