කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ අද පස්වරු 2.00 ට පමණ එම මාර්ගයේ දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගත් බවයි.

එමෙන්ම, සවස් කාලයේ ධාවනය වන කාර්යාලීය දුම්රිය ද පෙර පරිදිම ධාවනය කෙරෙන බවයි පොල්වත්තගේ මහතා සඳහන් කලේ.

කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රිය බොරැල්ල කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ පස්වරුවේ පීලි පැනීමකට ලක් වුනා.

එයට හේතුව මත්ද්‍රව්‍ය සඳහා අධික ලෙස ඇබ්බැහි වී ඇති පුද්ලයින් දුම්රිය පිලි සම්බන්ධිතයන් ගලවා ඉවත් කිරීම බවයි වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/06/V.S-POLWATHTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content