අද දිනයේදී කාර්යාල දුම්රිය 5ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කර තිබෙනවා.

රියදුරන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට හේතු වී ඇති බව සඳහන්.

ඒ අනුව පොල්ගහවෙල – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්,

මහව – කොළඹ කොටුව දුම්රියත්,

රඹුක්කන – කොළඹ කොටුව සහ කුරුණෑගල – කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක්,

මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව – මරදාන , අලුත්ගම -මරදාන සහ කළුතර – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් මෙලෙස අවලංගු වුණා.

මීට අමතරව පුත්තලම මාර්ගයේ හලාවත – කොළඹ දක්වා ධාවනය විමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර දෙකක් ද අවලංගු වූ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිකොලගේ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content