දුම්රිය රියදුරු වෘත්තිය සමිතිය විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සදහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් ඊයේ සහ අද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/07/N.J-IDIPOLAGE-EDIT-.mp3?_=1

මේ සම්බන්ධයෙන් දුම්රිය නගා සිටුවීම සදහා වූ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/INDIKA-DODANGODA-EDIT-.mp3?_=2

කෙසේ වෙතත් මගීන් පවසන්නේ මෙම වර්ජනය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.

මෙය ඉතා අසාධාරණ වර්ජනයක් බවද ඔවුන් චෝදනා කළා.

https://www.vnews.lk/storage/2023/07/JANATHA-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content