කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු 7ට කළුතර සිට ගමන් ආරම්භ කළ දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බවයි.

දුම්රියේ පිටුපස එංජිමේ ගින්න හටගෙන ඇති අතර කළුතර මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content