උප දුම්රිය නියාමකවරුන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම වර්ජනය අවසන් කර ඇත්තේ.

සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවයි උප දුම්රිය නියාමකවරුන් පැවසුවේ.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ සු`ඵ සිද්ධීන් නිසා වැඩවර්ජන සිදු කිරීම පිළිගත නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/10/SUMEDA-SOMARATHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content