දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.

අදාල යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ.

මේ අතර දුම්රියෙන් ඇද වැටී වයස අවුරුදු 18 ක තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් මෙහිදි අමාත්‍යවරයා ශෝකය පළ කළා.

https://www.vnews.lk/storage/2023/09/BANDULA-EDIT-01.mp3?_=1

එමෙන්ම මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

ඔහු අධික තදබදය හේතුවෙන් දුම්රිය වහලය මත නැග ඇති බව සදහන්.

ඒ අනුව හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණයා දුම්රියෙන් ඇද වැටී මියගොස් ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

WhatsApp Group

Skip to content