නියමිත පරිදි ගල් අඟුරු ඇනවුම් නොලැබෙන්නේ නම් ලබන වසරේ මාර්තු මාසය වන විට දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.

ලක්විජය බලාගාරයට ගල් අඟුරු නැව් 38 ක් පැමිණිය යුතු බවත් මේ වන තෙක් පැමිණ ඇත්තේ නැව් 5 ක් පමණක් බවත් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 45% ක ප්‍රමාණයක් සපයනු ලබනවා.

ප්‍රමාණවත් ගල් අඟුරු නොමැති වුවහොත් ජූලි මාසයේ සැලසුම් කළ විදුලි කප්පාදුව මාර්තු අප්‍රේල් දක්වා ඉදිරියට පැමිණිය හැකි බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2022/12/LAKVIJAYA.mp3?_=1

WhatsApp Group

Skip to content