පවතින අයහපත් කාලගුණක තත්ත්වය මත දිස්ත්‍රික් කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද වසා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් අද වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව ගම්පහ, කැළණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඉහත සඳහන් නොවන දිස්ත්‍රික්ක වල හෝ කලාප වල පාසල් අද දිනයේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content