දිවයිනේ දිස්ත්‍රික් හයක් සදහා නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ ගාල්ල , හම්බන්තොට , බදුල්ල , මාතර සහ කළුතර දිස්ත්‍රික් සදහා මෙම නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය බලාත්මක බවයි.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා ද නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content