දිස්ත්‍රික් කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

පවතින අධික වර්ෂාපතනය හමුවේ ගාල්ල කළුතර මහනුවර මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා දෙවන මට්ටමේ නායාමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඊයේ ඇද හැළුනු අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංගා කිහිපයක ම ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම ගංගා පහත්බිම් අවට ප්‍රදේශ කිහිපය සුළු ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබුණා.

මේ ඒ පිළිබද අදහස් දක්වු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා

WhatsApp Group

Skip to content