දිස්ත්‍රික්ක 8 කට උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සදහා මෙම නිවේදන බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ හේතුවෙන් රෝගී පුද්ගලයින් සහ වැඩිහිටියන් අවදානය යොමු කිරීම වැදගත් බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා.

https://www.vnews.lk/storage/2023/04/BUDDIKA-BANDURATHNA-EDIT-.mp3?_=1

මේ අතර අධික උෂ්ණත්වයත් සමග ආඝාතය සහ හෘද රෝග ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා පවසනවා.
මේ හේතුවෙන් එළිමහනේ රාජකාරී සිදුකරන සියලු පුද්ගලයින් ප්‍රවේශම් විය යුතු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම අවුරුදු උත්සව සංවිධානය කරන්නේ නම් පෙරවරු 11ත් සවස තුනත් අතර කාලය තුළ එළිමහන් ක්‍රීඩා පැවැත්වීමෙන් වළකින ලෙසද ඒ මහතා අවධාරණය කළා.

WhatsApp Group

Skip to content