දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, රත්නපුර, කොළඹ සහ ඉංගිරිය ප්‍රදේශවලට නායයෑමේ අවධානම් නිවේදන නිකුත් කර ඇති බවයි ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/06/WASANTHA-SENADHERA-EDIT-.mp3?_=1

එමෙන්ම දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා.

 

https://www.vnews.lk/storage/2023/06/SRIMAL-HERATH-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content