දිස්ත්‍රික් 07ක් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ හෙට අලුයම 03 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවයි.

බදුල්ල , මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් සදහා මෙලෙස නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content