දිවුලපිටිය නගරයේදී 26 හැවිරිදි කාන්තාවකට පිහියෙන් ඇන මරණය සිදු කිරීම සම්බන්ධයෙන් දින ගණනාවක් තිස්සේ සැඟවී සිටි 42 හැවිරිදි ප්‍රධාන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

ඉකුත් 28 දා පිහි ඇනුමකට ලක්ව ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 10 දා මිය ගියේ ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි නිරෝෂා නැමති කාන්තාවකි.

ප්‍රධාන සැකකරු සහ මිය ගිය කාන්තාව අතර පෞද්ගලික අමනාපයක් කලක් තිස්සේ පැවත ඇතැයි ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024-03-19 දක්වා මීගමු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

WhatsApp Group

Skip to content