දිවයින පුරා පසුගිය 9 වන දා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගෙන තිබෙනවා.

එම විදුලි බිඳවැටීම තම මණ්ඩලයේ වරදක් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය එම්.ඒ.ආර්.එන්. ප්‍රනාන්දු මහතා පවසන්නේ.

පසුගියදා පැවති මාසික සභාවාරයේදී ලංකා විදුලිබල මණ්ඩලය මේ බව දැනුම් දුන් බවයි සභාපතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත් විදුලි පාරිභෝගිකයින්ට සිදු වූ පාඩුව පියවීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content