දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර , සහ සබරගමුව පළාත්වලත් , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සඳහන්.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවට දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content