දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරනු ඇති.

මේ අතර ඊයේ පස්වරුවේ පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයෙන් කොටසක් සුළඟට ගසාගෙන ගොස් තිබෙනවා.

වහලයේ කොටස් දුම්රිය මාර්ගයට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content