බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content