බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීට අමතරව වයඹ පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයට තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content