ඉන්දියාවේ දිල්ලි නගරය ආශ්‍රීතව දින දෙකක් පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අයහපත් කාලගුණය නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

පසුගිය 08 සහ 09 යන දෙදින තුළ දිල්ලි නගරය ආශ්‍රීතව මිලිමීටර් 153ක් දැඩි වාර්ෂාවක් වාර්තා වී තිබෙනවා.

මෙම වර්ෂාවත් සමඟ නායයාම් මෙන්ම යමුනා ඇතුළු ගංගා කිහිපයක ජලය නගරයට පැමිණීමත් සමග මාර්ග සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content