පදවිය ,ශ්‍රී පුර ප්‍රදේශයේ දී දියේ ගිලීම හේතුවෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 12 ක සහ 14 දරුවන් දෙදෙනෙකු බවයි ශ්‍රීපුර පොලීසිය සඳහන් කලේ.

අදාල සිසුන් දෙදෙනා තවත් පිරිමි ළමුන් පිරිසක් සමග දියනෑමට ගොස් තිබුනා.

සෙසු පිරිස දිය නා අවසන් වනවිටත් මොවුන් ගොඩට පැමිණ නොතිබීම හේතුවෙන් සෙසු පිරිමි දරුවන් නිවෙස් වලට ගොස් තිබෙනවා.

ඔවුන්ගේ දැනුම් දිම මත වැඩිහිටියන් විසින් පැමිණ සිදුකල සොයා බැලීමේදී සිසුන් දෙදෙනාගේ සිරුරු දිය යට තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content