ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හී පළමු 10දෙනා අතරට නැවත පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඒ අනුව ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙන දිමුත් කරුණාරත්න මේ වන විට පසුවන්නේ 10වැනි ස්ථානයේයි.

මීට අමතරව දිනේෂ් චන්දිමාල්ද ස්ථාන දෙකක් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 17 වැනි ස්ථානයේ පසුවනවා.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 4න්ද, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ස්ථාන දෙක බැගින්ද ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී පහලට ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content