චීනයේ දින පහක නිල සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යු. 231 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පින් සහ එරට අග්‍රාමාත්‍ය ලී චියැං ඇතුලු රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර වැදගත් ගිවිසුම් රාශියක් සඳහා අත්සන් තැබීමද මෙම සංචාරයේදී සිදුව තිඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content