දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා .

පොලීසිය පැවසුවේ අද උදෑසන 07.10 ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි .

ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය පැවසුවේ .

තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content