පාසල් සිසුවියක් අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නානුඔය පොලිසිය විසින් අවු 52 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව චුදිත වසර 10 ක බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ වසර දහයක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම වුයේ නානුඔය ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහොමඩ් සලිඩ් (52) නැමති අයටයි.

චුදිත 2011 වසරේ නානුඔය ප්‍රදේශයේ අවු 16 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගේ දෙමව්පියන් විසින් නානුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

මේ අනුව වසර 13ක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව ලැබි තිබු සාක්ෂි මත මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නඩු තින්දුව ලබා දි තිබෙනවා.

සිර දඩුමට අමතරව වින්දිත සිසුවියට රු ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කල අතර , එම වන්දි මුදල ගෙවිමට අපොහෝසත් වුවහොත් ලබා දි ඇති සිර දඩුවම් කාලයට අමතරව තවත් වසර තුනකින් දිර්ඝ කිරිමට විනිසුරුවරයා නියෝග කළා.

තවද චුදිතට රුපියල් 15,000 ක දඩ මුදලක් අධිකරණය වෙත ගෙවන ලෙසට නියෝග කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලයට අමතරව තවත් මාස තුනකින් සිරදඬුවම දිර්ඝ කිරිමට නියෝග කළා.

WhatsApp Group

Skip to content