දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් වාරියපොළ , නිකවැරටිය, මහව, කොබෙයිගනේ ප්‍රදේශවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් මතුව තිබෙනවා.

අදාළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content