ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශවික ණය ප්‍රතිකර්ම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
a
චීනයේ බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට ඊයේ පස්වරුවේ අත්සන් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙහිදී ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා දෙපාර්ශවය විසින් අවසන් එකගතාවකට පැමිණ තිබෙනවා.

අදාළ ගිවිසුමට අත්සත් තැබීම සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා , මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා එක්ව සිටියා.

WhatsApp Group

Skip to content