දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා .

අමාත්‍යවරයා පැවසුවේ සියලු ආගම් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

එමෙන්ම පුරාවිද්‍යාඥයින් සදහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව ද බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථානගතකිරීම් සිදු කරමින් පුරාවිද්‍යාර්ථයින් හට නව අනාගතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

මේ අතර සියවස් 2කට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

වර්ෂ 1765දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළෙඳ සමාගම විසින් මෙම කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බව සදහන්.

එම කෞතුක භාණ්ඩ නැවත ලබාගැනීමට කරන ලද රාජතාන්ත්‍රික ඉල්ලීම අනුව ඉන් කිහිපයක් ඉදිරීයේදී මෙරටට ලබාදීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content