දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳ දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිසිය පවසනවා.

අන්තර්ජාලය ඔස්සේ දරුවන් විවිධ අපයෝජන සදහා යොමු වීමේ වැඩි අවධානමක් මතුව ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමාජ මාධ්‍ය භාවිතයේදී දරුවන්ට සිදුවන අපරාධමය සිද්ධින් පිළිබඳ ලැබෙන පැමිණිලිවල යම් වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයින් සමග සබඳතා පැවැත්වීමේදී අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව ද පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content