හංවැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත් බෝම්බයක් අතැතිව සිය දරුවන් ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද අලුයම් කාලයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
බිරිඳ සමග ඇතිවූ අරවුලක් මත බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙලෙස අත් බෝම්බයක්ද රැගෙන නිවසට ඇතුළුවී ඇති අතර බිරිඳ නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන තිබෙනවා.
අනතුරුව ඉන් කෝපයට පත් මෙම පුද්ගලයා සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙහිදී මුදාගත් දරුවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුලක් කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content