අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයේ පියකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද සියදිවි නසා ගැනීමට තැත්කර තිබෙනවා.
සියදිවි නසා ගැනීමට තැත්කළ පියා ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

සිය පියා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 29ක් වයසැති පුත්‍රයා සහ 15 හැවිරිදි දියණියයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඝාතනයට ලක්වූ දරුවන් දෙදෙනා කථන අපහසුතාවයෙන් පෙළුණු බවටයි වාර්තාවී ඇත්තේ.

WhatsApp Group

Skip to content