දඹුල්ල  මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් කැලයට යට වී දිරාපත්වෙමින් පවතී.  මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාවද දැඩි පීඩනයකට පත්ව සිටින බවයි ප්‍රදේශවාසීීීන් පවසන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මීට වසර කිහිපයකට ඉහත දී දඹුල්ල  මහියංගනය ප්‍රධාන  මාර්ගයේ ඉදිකිරීම් කටයුතු  පුද්ගලික කොන්ත්‍රාත් සමාගම් කිහිපයක හා රජයට අයත් රාජ්‍ය සංවර්ධධනහා නිර්මාණ නීතිගත සංස්ථාව භාරදී තිබුුුුුණ අතර කොන්ත්‍රාත් සමාගම් කිහිපයක් කිලෝමීටර් 2  බැගින් කොටස් තුනක  ඉදිකිරීම් අවසන් කොට ඇති නමුත් ඉතිරි කොටස ලබාගත් පෞද්ගලික හා රාජ්‍ය ආයතන එහි වැඩ නිම කිරීම ප්‍රමාද කොට අතරමග නවතා දමා ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නා.

ඒ අනුව රජයට අයත් රාජ්‍ය සංවර්ධන හා නිර්මාන නීතිගත සංස්ථාවේ යන්ත්‍ර උපකරණ සහ අනෙකුත්  භාණ්ඩ සියල්ල දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ  ස්ථානයක  ගබඩාකොට එහි මුරකරුවෙක් ද, තවත් සේවකයන් කිහිප දෙනෙකු ද යොදවා වසර ගණනාවක් එම අයට වැටුප් ගෙවමින් සංවර්ධන කටයුතු අතරමඟ නවතා දමා තිබෙන අතර මාර්ගයේ ගමන් ගන්නා  මගී බස් හා අනෙකුත් වාහන රියදුරන් කියා සිටියේ  ගමනාන්තයක් යද්දී  කුමක් හෝ අනතුරුකට හෝ කාර්මික දෝෂයකට ලක්වන බවයි.

ගල්කුඩු සහ දූවිලි විශාල ලෙස පැවතීීම නිසා  යතුරුපැදි සහ අනෙකුත් වාහන වලට ද ගමන් කිරීම්ට නොහැකි වී ඇති අතර මහ වනමැදකින් වැටී ඇති මෙම මාර්ගය  නිසා එම ප්‍රදේශයේ වන සතුන්ට හා පරිසරයට විශාල විනාශයක් සිදුවන බව ප්‍රදේශවාසීහු තවදුරටත් කියා සිටියා.

ගබඩා අංගනයේ සිටි මුරකරු සඳහන් ක‌‌‌‌‌ළේ මුරකරුවන් දෙදෙනෙකු සේවය කරන බවයි. යන්ත්‍රෝපකරණ සහ අනිකුත් භාණ්ඩ භාරව කටයුතු කරන ගබඩා පාලකවරයා සඳහන් කළේය ව්‍යාපෘතිය  අතරමග නැවතී ඇති නිසා මෙම භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර එක තැනකට දමා ආරක්ෂා කරමින් තිබෙන බවයි. එමෙන්ම රාජ්‍ය සංවර්ධන හා නිර්මාන  නීතිගත සංස්ථාව කුමන අමාත්‍යංශයකට අයත් එකක්ද යන්න ඔහු නොදන්නා බව සඳහන් කිරීම විශේෂත්වයකි.

එහි සිටි ‍ ව්‍යාපෘති ඉංජිනේරු  එස් .එස්. යටවර මහත්මිය පැවසුවේ මාර්ග  ඉදිකිරීම්  අතර මග නවතා දමා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මුදල් ලබා නොදීම හේතුවෙන් බවයිි.කෙසේ වෙතත් මෙම යන්ත්‍රෝපකරණ සියල්ල ආරක්ෂා කරගෙන සිටින බවත්, ව්‍යාපෘති ඉංජිනේරුවිය ලෙස දිනපතා මෙම ගබඩා සංකීර්ණයට පැමිණ තම සේවාව ලබාදීම සඳහා  සූදානම් වී සිටින බවද ඇය සඳහන්  කළා.

වසර  ගණනාවක් තිස්සේ ජනතා මුදල් මේ ආකාරයෙන් විනාශ වී අඩුම තරමේ මාර්ගයේ ගමන් කර ගැනීමටවත් නොහැකි තත්වයට පත්ව තිබීම බරපතල ප්‍රශ්නයක් බව ජනතාව පවසන්නේ.

මෙම ප්‍රධාන මාර්ගයේ   දඹුල්ල සිට බක්මූණ, හෙට්ටිපොල, විල්ගමුව, හඳුන්ගමුව, , මහියංගණය, අම්පාර ,ත්‍රිකුණාමලය, මඩකලපුව,යාපනය, බදුල්ල,කතරගම ආදී දුර ධාවනය වන බස් රථ රැසක් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ගමන් කරන බවත්, වන මැදින් වැටී ඇති මාර්ගයක් නිසා නිරන්තරයෙන් මෙම මාර්ගයේ වන අලින් මාරු වන බව වාහන හිමියෝ පවසා සිටියා.

 

 

 

 

 

WhatsApp Group

Skip to content