ලංකා ප්‍රිමියර් ලීග් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළේ යයි කියන දඹුල්ල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07)නියෝග කළේය.

රුපියල් ලක්ෂ 05 මුදල් ඇපයක් සහ මිලියන 10 බැවින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කෙරිණි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට තැත් කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය මැයි මස 22 දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

WhatsApp Group

Skip to content