මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ප්‍රවීණ රංගන ශිල්පි දමිතා අබේරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශයක් ද ආරම්භ කර තිබු අතර අධිකරණය විසින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

දකුණු කොරියාවට යොමුකරන බව පවසා දමිත අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

WhatsApp Group

Skip to content