දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා.

ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ සහ උපකරණ නොමැති වීම හේතුවෙන් ජාතික දන්ත රෝහල ඇතුඵ සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා සදහන් කළේ රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය ප්‍රතිකාර සදහා උපකරණ සහ ඖෂධ වර්ග 1300 ක පමණ හිඟයක් ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/07/MANJULA-HERATH-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content