දත් වර්ධනයට උපකාරී වන නව ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා ජපානයේ විද්‍යාඥයින් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

දිරාපත් වීම හෝ ජානමය ගැටලු හේතුවෙන් අහිමි වු දත් වෙනුවට නව දත් වර්ධනය කිරීමට එම ඖෂධයට හැකියාව ඇති බවයි පරීක්ෂකයින් කණ්ඩායම සඳහන් කරන්නේ.

ඖෂධය නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ වන විට විශාල සාර්ථකත්වයක් හිමිකර ගෙන ඇති බව ද අදාළ විද්‍යාඥයින් පවසනවා.

ඒ සම්බන්ධයෙන් සතුන් යොදා ගනිමින් රසායනාගාර පරීක්ෂණ සිදුකර ඇති බව ද සඳහන්.

ලබන වසරේ දී එම ඖෂධය මිනිස් භාවිතය සඳහා යොදා ගත හැකි බවට විද්‍යාඥයින් කණ්ඩායම මත පළ කරනවා.

WhatsApp Group

Skip to content