රාත්‍රී කාලයේදී රථ වාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ සහ ක`ඵතර දිස්ත්‍රික්කයේ රාත්‍රී සේවා තැපැල් කාර්යාලවලින් මෙලෙස දඩ ගෙවීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව සීතාවකපුර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බොරැල්ල, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බත්තරමුල්ල සහ නුගේගොඩ තැපැල් කාර්යාලවලින් දඩ මුදල් ගෙවීමේ පහසුකම් සපයා තිබෙනවා.

එමෙන්ම දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, ක`ඵතර යන තැපැල් කාර්යාලවලින් ද මෙම සේවාව ලබා ගත හැකියි.

WhatsApp Group

Skip to content