දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් යුතුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ දකුණු පළාතේ පාසල් ගුරුවරුන්ට, තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින්.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ඉකුත් ජනවාරි මාසයේදී, දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළා.

ඒ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content