ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව, ගාල්ල හෝලුවාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ගාල්ල කොටුව ආශ්‍රිතව පවතින රජයේ කාර්යාල එම ස්ථානවලින් ඉවත් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි.

WhatsApp Group

Skip to content