දකුණු බ්‍රසීලයට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1,650කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දකුණු බ්‍රසීලයට බලපෑ මෙම සුළි කුණාටුවත් සමග එරට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, ඒ අනුව තවත් පුද්ගලයන් විශාල පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

මේ අතර ගංවතුරට මුහුණ දී සිටින පිරිස් බේරා ගැනීම ගුවන් මගින් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content