ජපානය, ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව සහ පිලිපීනය දකුණු චීන මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වනවා.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ චීනය මැනිලා හි හමුදා කඳවුරුවල සැපයුම් කටයුතුවලට බාධා කිරීමට අඛණ්ඩව උත්සාහ දරන බවයි.

චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් පිලිපීන යාත්‍රාවකට කාලතුවක්කු ප්‍රහාරයක්ද පසුගියදා එල්ල කළා.

ඊට එරෙහිව මෙම අභ්‍යාසය සිදු කිරීම විශේෂත්වයක්.

ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බළකායේ විශාලතම විනාශකාරී නෞකාව වන ඉසුමෝ සහ සන්දරේ යන නෞකා මෙම අභ්‍යාසය සදහා එක් කර තිබුණා.

WhatsApp Group

Skip to content