අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්යාපන ක්රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ(14) පස්වරුවේ එක්වෙමිනි.
දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්යාපනය වන බවද අවධාරණය කළේය.

WhatsApp Group

Skip to content