දකුණු ආසියාවේ ප්රථම බදු ගෙවන්නන්ගේ අදහස් සමීක්ෂණය එළිදැක්වීමේ අවස්ථාවට මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී විය.
විශේෂයෙන්ම ශ්රී ලංකාව බදු ප්රතිසංස්කරණ ආරම්භ කර ඇති බැවින් බදු ප්රතිපත්ති පිළිබඳ මහජන අවබෝධය තක්සේරු කිරීම සඳහා මෙම සමීක්ෂණය ඉතා වැදගත් වේ.
රටේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සමාජ බැදීම් ශක්තිමත් කිරීම සහ බදු පිළිබද අවබෝධය ඉහළ නැංවීම සඳහා මෙම සොයාගැනීම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.
මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සංවිධාන කරන ලද සාධාරණ බදුකරණය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ශක්තිමත් සමාජ ගිවිසුම පිළිබඳ ශ්රී ලංකාවේ පළමු ජාතික සංවාදයේ කොටසකි.

WhatsApp Group

Skip to content