දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙස සැළකෙන කොළඹ නෙළුම් කුලුනේ පිහිටි අවන්හල දෙසැම්බර් 09 වැනිදා විවෘත කිරීමට නියමිතයි.

මෙම අවන්හල තුළ එක් වරකදී පුද්ගලයින් 250 ක පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතිනවා.

ලබන 9 වැනිදා රාත්‍රී 7.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරන බවයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/12/DILUM-AMUNUGAMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content