04 වන දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 09 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 35 ක් දිනා ගෙන 09/14 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවර 09/11 දින සිට 09/1wee3 දින දක්වා පවත්වා තිබුණි
එම තරගාවලියේ දී නව දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා වාර්තා 05 ක් තැබීමට ද ශ්‍රී ලංකාව නියෝජනය කළ පිරිමි ක්‍රීඩකයින්  සමත් වී තිබුණි . ඒ අතර මීටර් 100 , මීටර් 100 × 4 සහාය දිවීම , මීටර් 200 , මීටර් 800 සහ උස පැනීම ඉසව් විය .
එසේම කොළඹ ආනන්ද විද්‍යාලයේ ටෙරෝන් විජේසිංහ ක්‍රීඩකයා මීටර් 100 සහ මීටර් 100 × 4 ඉසව් සදහා නව දකුණු ආසියානු කළාපයේ වාර්තා තබමින් , මෙන්ම කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් තබමින්  රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
එමෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉදුසර ක්‍රීඩකයා ද මීටර් 200 සහ මීටර් 100 × 4 ඉසව් සදහා දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා වාර්තා තබමින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී සිටියේය .
 මෙම පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09/14 දින පස්වරු 12.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

WhatsApp Group

Skip to content