දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති තෙවන සහ අවසන් එක්දින තරගය ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 296 ක් රැස් කළා.

එහිදි අගනා ඉනිමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් ලකුණු 108 ක් සහ තිලක් වර්මා ලකුණු 52 ක් රැස් කළා.

පන්දු යැවීමේදි බී. හෙන්රික්ස් ලකුණු 63 ට කඩුලු 3 ක් බිඳහෙ`ඵවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දු වාර 45 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි  වූයේ ලකුණු 218 ක් පමණයි.

එහිදි ටෝනි ද සෝර්සි ලකුණු 81 ක් රැස් කළා.

පන්දු යැවීමේදී අර්ශදීප් සිං ලකුණු 30 කට කඩුලු 4 ක් බිඳහෙ`ඵවා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරඟ 2 ට 1 ක් ලෙස ජයගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content